Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් 430කට කොරෝනා..

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (11) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය...


කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (11) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් හාරසීය තිස් දෙනෙකු (430) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් හාරසීය තිස් දෙනා (430) දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.

 

අද (11) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරස් ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 11,237 ක් වේ. ඒ අතරින්, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041 ක්, පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් පුද්ගලයින් 1,007 ක් සහ ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

 

ඊයේ (10) දින රාත්‍රි EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පනස් දෙනෙක් (50) ද අද (11) දින උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියා සිට පුද්ගලයින් එකසීය දහ දෙනෙකු (110) සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින්  ඩුබායි සිට පුද්ගලයින් දෙසීය හැත්තෑ දෙනෙකු (270) මෙරටට පැමිණ ඇත. තවද, අද (11) දින උදෑසන UL 1024 දරණ මගී ගුවන් යානය මගින්  ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් හැට හය දෙනෙකු (66) දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමි‍ිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (11) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් අට දෙනෙකු (08) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු (01), හොටෙල් වින්ඩ් බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ රැවල් රිසෝට් කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පස් දෙනෙකු (05) වශයෙන් වේ.

එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (11) දිනය වනවිට පුද්ගලයින් 64,263 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (11) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28 ක් තුළ පුද්ගලයින් 2,277 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (10) දිනය තුලදී PCR පරික්‍ෂණ 8,272 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 619,108 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (11) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) පුද්ගලයින් හයසීය පනස් හත්දෙනෙකු (657) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එම පුද්ගලයින් අතරින් 656 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා විදේශිය රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ.

lankacnews

No comments

Ads Place