Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සිටි ප්‍රදේශ - මාස 4ක බිළිඳෙකුත් ඒ අතර

කොවිඩ් -19 ආසාදිතයින් ලෙස ඊයේ (06) දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් 400 අතරින් 371 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් වාර්තා වී ඇති බව ක...


කොවිඩ් -19 ආසාදිතයින් ලෙස ඊයේ (06) දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් 400 අතරින් 371 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 203 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වත්තල සහ හැඳල ප්‍රදේශයේ ආසාදිතයින් 54 දෙනෙකු ඒ අතරට අයත් ය.

කොළඹ නගර බලප්‍රදේශයෙන් හඳුනාගත් අසාදිතයින් 64 දෙනාත් සමගින් එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 103 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන් වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් දෙදෙනා බැගින් සහ මහනුවර, මාතලේ, නුවරඑළිය, අම්පාර, මාතර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර අද (07) දිනයේ ද කොළඹ නගරය  ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදුකිරීමට සැළසුම්කර ඇති බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවා ය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙදියකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය. 

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම හෙදිය පසුගියදා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයා සේවය කළ වාට්ටුවේම සේවය කළ හෙදියක් බවය. 

මේ අතර මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන්
මහතා පවසයි.

ඊයේ (06) දිනය තුළ ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

adaderannanews

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණය ආශ්‍රයෙන් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඩී. චන්ද්‍රරාජන් මහතා පෙන්වා දෙයි.

එම නව ආසාදිතයින් අතර මාස 04ක් වයසැති බිළිඳෙකු ද සිටි බව සඳහන් වේ.

No comments

Ads Place