Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

3 වාරය සඳහා විකල්ප අධ්‍යාපන ක්‍රමයක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද ‍භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...


කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද ‍භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි. එම් සේදර මහතා විසින් එම නිවේදනය කර ඇත්තේ, ජාතික අධ්‍යාපන ආයතනය, බස්නාහිර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍ය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලිය ද තොරතුරු තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරමිනි සිටින බවය.

මේ සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, විකාශන කටයුතු පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික නාලිකවලද නියෝජිතයින් සමග සාකච්ඡා කරමින් පවතී.

ඒ අනුව විශේෂයෙන් දිවා කාලයේ දී ප්‍රාථමික අංශයේ 3,4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් ද 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් ද උසස් පෙළ පන්තිවල සියලු විෂය ධාරාවන්ගේ ප්‍රධාන විෂයන් සඳහා ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු නොවැම්බර් 15 වන දින සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

මෙම අධ්‍යාපන වැඩසටහන් රජයේ ප්‍රමුඛ පාසල්වල ප්‍රවීණ ගුරුවරුන් විසින් සම්පාදනය කර නිෂ්පාදනය කරනු ලබන අතර, විෂය අධ්‍යක්ෂවරුන් විසින් අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

2020 අධ්‍යයන වර්ෂයේ 3 වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර ඇත.

නොවැම්බර් 15 වන දිනට ප්‍රථම ශ්‍රේණි හා විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලික සහ කාලසටහන පිළිබඳව පසුව දැනුවත් කරනු ලැබේ.

adaderananews

No comments

Ads Place