Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ ආර්ථික රින වෙන්නේ -3%කින් විතරයි.. ලෝකයම ආර්ථික රින වෙද්දී අපි ඉදිරියෙන්.

  ආර්ථික අභියෝගයන් කළමනාකරණය කිරීමේදී ලෝකයේ අන් රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින බවත් මහින්ද ගෝඨාභය සුසංයෝගය මේ ආර්ථික යුද්ධයත් ජ...

 


ආර්ථික අභියෝගයන් කළමනාකරණය කිරීමේදී ලෝකයේ අන් රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින බවත් මහින්ද ගෝඨාභය සුසංයෝගය මේ ආර්ථික යුද්ධයත් ජයගෙන පෙන්නනවා යයි ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මේ බව සදහන් කලේය.

ඔහු එහිදී මෙසේද පැවසීය.

“ අසාරේ සාර මතිනෝ – සාරේචා සාර දස්සිනෝ තේ සාරං නාධි ගච්ඡන්ති – මිත්‍යා සංකප්ප ගෝචරා “

සරු දේ නිසරු ලෙසත් නිසරු දේ සරු ලෙසත් ගැනීමට හුරුවුණු පුද්ගලයාට කිසිම දිනයක නිවැරදි දේ අවබෝධ කරගැනීමට නොහැක්කේය කියලා බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට කලින් දේශනා කළේ මෙවන් විපක්ෂයක් ශ්‍රී ලංකාවේ බිහි වෙනවයි කියන එක අර කොසොල් රජතුමාගේ සිහින වගේම අනාගතය දැකීමෙන් යැයි කියන එක අපිට විශ්වාසයෙන් පැහැදිලි කරන්න පුළුවන්.

රාත්‍රියේ අඳුරේ දිදුලන චන්ද්‍රයා දවල් කාලයේ දී හිරු ආලෝකය ලැබීමත් සමඟ ම එක්කෝ නොපෙනී යනවා නැත්තං නොපෙනෙන පේන ගානට පේන්න තියෙනවා. ඒ නිසා සියල්ල අප දැකිය යුත්තේ පසුබිම සමඟයි. එකම චන්ද්‍රයා දවාලට රෑට වෙනස් වන්නේ චන්ද්‍රයා තිබෙන පසුබිම වෙනස්ව තිබෙන නිසයි. එහෙනම් ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන අද මේ අයවැය පිළිබඳ අපි විවරණයක යෙදෙන්න ඔන විශ්ලේෂණයක යෙදෙන්න ඔන පවතින පසුබිම හඳුනා ගනිමින්. ජාතික සහ ජාත්‍යන්තර පසුබිම හඳුනාගැනීමෙන්.

2020 ඔක්තෝම්බර් මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල world economic outlook නමින් මේ 2020 වසරේ ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳ තමන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මේ වසර තුළ සමස්ත ලෝක ආර්ථිකය ආර්ථික වර්ධන වේගය පෙන්නන්නෙ සෘණ 4.4% ක්. වෙනත් වචන වලින් කියනව නම් සීයට 4.4% කින් සමස්ත ලෝක ආර්ථිකය හැකිලී යාවිය කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගෙ වාර්තාවේ දක්වන තියෙනවා. ඒ වගේම රටින් රටටත් ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනවා. එහිදී පසුගිය වසරේ 8% ක ආර්ථික වර්ධනයක් පෙන්නු අපේ අසල්වැසි ඉන්දියාව මේ වසරේ වාර්තා කරන්නේ සෘණ 10 % ආර්ථික වර්ධනයක් නැතිනම් 10% කින් ආර්ථිකය හැකිළී යාමක් ඒ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා එහෙම ඉන්දියාව 8% සිට -10% ට යනවා කියලා කියද්දී ශ්‍රී ලංකාව ගැන කියන්නේ 2.3% කින් විතර යන්තම් ආර්ථික වර්ධනයක් පෙන්නපු ශ්‍රී ලංකාව සෘණ වන්නේ 3% කින් පමණයි කියලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරන්නේ සමස්ත ලෝකය මුහුණ දීලා තියෙන ලෝක වසංගත තත්වය හමුවේ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කිරීමේදී ලෝකයේ අන් රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම ඉන්නවාය කියලායි. එය අපි නෙවෙයි කියන්නේ මෙතුමන්ලා වන්දනා නමස්කාර කරන ජාත්‍යන්තර අරමුදල කියන එක අපි විපක්ෂයට සිහිපත් කරනවා.

පසුගිය රජයේ කරපු වැඩක් නැත – ණය කන්දක් ඇත

මා මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාත් ඒ වගේම එරාන් වික්‍රමරත්න මන්ත්‍රිතුමාත් දිගු දේශනා පවත්වමින් අයවැය පිළිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කරමින් ආර්ථිකය කළ යුත්තේ කෙසේදැයි අපිට දේශනා පැවැත්වූවා. මෙතුමන්ලගෙ මේ දේශනාවලට රැවටිලා තමයි දේශනාවලින් නොමඟ ගිහිල්ලා තමයි 2015 දී කරල පෙන්නන්න මේ සුන්දර දේශය අපට හදලා දෙන්න කියලා එතුමන්ලාට රට භාර දුන්නෙ. මොකද උනේ. 2015 යි 2019 යි අතර ඒ වසර පහ තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය වුණේ ඩොලර් 33කින් විතරයි. ඩොලර් 33 ක් කියන්නේ ගරු කතානායකතුමනි වසරකට ඩොලර් හයක ඉතිහාසයේ නොවූ විරූ අයුරින් අතිශයින්ම පහත් අගයකින් තමයි මෙතුමාලගෙ වසර පහේ දී ආර්ථිකය වර්ධනය වුණේ. ඒ විතරක් නොවෙයි ට්‍රිලියන 7ක් ව තිබුණු ආණ්ඩුවේ ණය ට්‍රිලියන 13 දක්වා වැඩිවුණා. කරපු දේකුත් නැත බෙරේ පලුවකුත් නැත වගේ. කරපු වැඩක් නැති වුණාට ණය කන්දක් අරන් තියෙනවා.

අපි ආණ්ඩුව භාරගද්දි 2015දී 103% රටේ ණය අනුපාතය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 103% තිබුණු ණය අනුපාතය අපි 71% දක්වා පහළට ගෙනල්ලයි මෙතුමන්ලට රට භාර දුන්නෙ. මෙතුමන්ලා මොකද කළේ. ඒක 87% දක්වා වර්ධනය කරගත්තා. ඒ නිසා පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බෑ වගේ විපක්ෂයේ ඉඳන් දෙසන අයට ආණ්ඩුවට ආවම කරල පෙන්නන්න බැරි වෙනවයි කියන එක අපි පහුගිය අවුරුදු 5 පෙන්වමින් තමුන්නාන්සේලාට සිහිපත් කරනවා. කතාව හොඳයි කතාව තරමටම වැඩක් තියෙන්න ඕන. තමුන්නාන්සේලා අසමත් එතනයි කියන එක අපි තමුන්නාන්සේලාට කියනවා.

විවේචන වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න

ඒ වගේම ආනයන සීමා කිරීම ගැන විපක්ෂයෙන් විපක්ෂනායකතුමාගෙන් කර්කශ විවේචනයක් එල්ලවුණා. දේශීය නිෂ්පාදකයන් මේ ආනයන සීමා ගැන සතුටු වෙද්දී, දේශීය ගොවියා ආනයන සීමා ගැන සතුටු වෙද්දී විදේශීය රටවල් වල අපනයන වෙළදපොල වෙනුවෙන් පෙනී සිටින විදේශීය රටවල් වල නියෝජිතයන්වශයෙන් පෙනී සිටින විපක්ෂයේ මන්ත්‍රීවරු අද ඒ ගැන දුක් වෙනවා, විවේචනය කරනවා, අපිට බැන වදිනවා. ගරු කථානායකතුමනි 2019 වසරේ දී අපි භාණ්ඩ පිටරට යවලා අපනයනයෙන් ඩොලර් බිලියන 12 උපයගද්දි පිට රටින් භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් බිලියන විස්සක් වියදම් කළා. අපනයන ආදායම් ඩොලර් බිලියන 12 යි මෙතුමාලගෙ ආණ්ඩුවේ අන්තිම අවුරුද්දේ. හැබැයි ආනයන වියදම ඩොලර් බිලියන 20 යි. මේ ඩොලර් බිලියන 8 ක පරතරය පියවා ගත්තේ කොහොමද? විදේශික ශ්‍රමිකයින් ගේ මුදල්වලින්, සංචාරක කර්මාන්තයෙන්, සෘජු විදේශ ආයෝජන වලින්, ඒ වගේම ණය ලබාගැනීමෙන් 2019 වසරේ ආනයන අපනයන අතර පරතරය එහෙම පියවා ගත්තා. මේ අපිට ලබාදීලා තියෙන Recent Economic Development කියන ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ වාර්තාව අනුව 2020 අගෝස්තු මාසයේ අවසන් වන විට පලවෙනි මාස 8 දී පමණක් ආනයනය හා අපනයනය අතර පරතරය ඩොලර් බිලියන හතරක්. දැන් මේක අපි පියව ගන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය බින්දුවට වැටිලා, විදේශීය ආයෝජන නැත්තටම නැති ගානයි. විදෙස්ගත ශ්‍රමිකයින්ට රැකියා අහිමි වෙලා කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ජීවත්වෙන්න විදියක් නෑ. මෙතෙක් අපට සල්ලි එවපු අය අනේ අපිව ලංකාවට ගෙන්න ගන්නතුරු හරි අපිට රස්සාවක් හොයාගන්නතුරු හරි අපිට සල්ලි එවන්න කියන මට්ටමට අද ඇද වැටිලා තියෙනවා.

ඒ වගේම තමුන්නාන්සේලා සීමාව ඉක්මවා වගකීම් විරහිතව ණය ගැනීම නිසා තව දුරටත් විදේශණය ලබා ගැනීමේ නොහැක තත්ත්වයක් තියෙනවා. දැන් එතකොට ආනයන සහ අපනයන අතර පරතරය පියවන්න සාම්ප්‍රදායිකව පාවිච්චි කරපු විදේශ ආයෝජන නැත්නම්, සංචාරක කර්මාන්තය නැත්නම්, විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන මුදල වෙනදා වගේ ලැබෙන්නෙත් නැත්නම්, කොහොමද මේ පරතරය පියවා ගන්නේ. පරතරය පියව ගන්න නම් අපිට අපනයන ආදායමේ මට්ටමට හැකි පමණින් ආනයනය සීමා කරන්න වෙනවා. එහෙම නරක නම් ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා නම් විවේචන වෙනුවට අන්න ඒ විකල්ප ඉදිරිපත් කරන්න කියලා අපි විපක්ෂයට අභියෝග කරනවා.

ගරු කථානායකතුමනි, ආනයන සීමාව නිසා වසර පුරාවටම ඩොලරය රුපියල් 185 පවත්වා ගැනීමට අපිට හැකි වුණා. ඇයි අපිට එහෙම කරන්න සිද්ධ වුණේ. පසුගිය ආණ්ඩුවේ වගකීම් විරහිත අනවශ්‍ය ණය ලබා ගැනීම නිසා මේ වසරේ පමණක් අපට ඩොලර් බිලියන 4.5 ක් විදේශ ණය ගෙවන්න සිද්ධ වුණා. වගකිය යුතු ආණ්ඩුවක් විදිහට විපක්ෂයට බැනවදිමින් සිටිනවා වෙනුවට ඒ ඩොලර් බිලියන 4.5 ම එක සතයක් අඩු නැතුව එහි පොලිය ඩොලර් සතයක් අඩු නැතුව සමස්තයම මේ වන විට ගෙවලා තියෙනවයි කියන එක අපි ඉතාම වගකීම් සහගතව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. හැබැයි අපි කොහොමද මේක ගෙවන්නේ. දැන් ඔක්තෝම්බර් මාසේ 4 වෙනිදා අපි ඩොලර් බිලියන 01ක ණයක් ගෙවා දැමුවා. ඩොලර් බිලියනයක ණයක් ගෙවා දාන්න ගරු කථානායකතුමනි අපට සිද්ධ වෙනවා ඩොලරය රුපියල් 185 නම්, රුපියල් බිලියන 185ක් මහබැංකුවට ගෙවලා ඩොලර් බිලියනයක් අරගෙන ඒ ණය ගෙවා දාන්න. විදේශ විනිමය අනුපාතය රුපියල පා වෙලා යන්න ඉඩ ඇරලා, රුපියල පිරිහෙන ඉඩ ඇරලා මේක 185 සිට186 වුනොත් ගරු කතානායකතුමනි ආණ්ඩුවට සිද්ධ වෙනවා වැඩි වෙන සෑම රුපියලටම රුපියල් බිලියනයක් වැඩිපුර හොයාගන්න. ඒ රුපියල් බිලියනය හොයාගන්න වෙන්නේ මේ රටේ ජනතාව මත බදු පැනවීමෙන් ජනතාවමත පීඩනය ඇතිකිරීමෙන්. ඒ නිසා තමයි ලෝකයේ ප්‍රධාන අපනයන වෙලඳපොලවල් වන ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපිය සංගමයත් මිලදී ගැනීමේ හැකියාව කඩාවැටිලා කොරෝනා වසංගතයේ ආර්ථිකය කඩාවැටිලා තිබෙන පසුබිමක අපිට ණය ගෙවා ගැනීමකදී ජනතාවට බරක් නොවෙන්න නම් රුපියල් ස්ථාවරව පවත්වා ගැනීමට නම් අපිට වෙනත් විකල්පයක් නෑ මේ අනුගමනය කරලා තියෙන ආර්ථික ප්‍රතිපත්තිය හැර. ඒ නිසයි අපි විපක්ෂයට අභියෝග කරන්නේ ඔබට දෙසැම්බර් මස 10 වැනිදා වෙනකන් කල් තියනවා කරන ක්‍රමය වැරදි නම් හරි ක්‍රමය මොකක්ද කියන එක තමුන්නාන්සේලා රටට ලෝකයට ඉදිරිපත් කරන්න ඕන.

මේ ආර්ථික යුද්ධයත් ජයගෙන පෙන්නනවා

ගරු කතානායකතුමනි අවසාන වශයෙන් අපි ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශ කළ ආකාරයෙන්ම අපි විශ්වාසය තබන්නේ විපක්ෂය මෙන් විදේශ බලවතුන් මත නෙවෙයි. ජාත්‍යන්තර සංවිධාන මත නෙමෙයි. එන්ජිඕ වලින් ලැබෙන උපදෙස් මත නෙවෙයි. අපි විශ්වාසය තබන්නේ දේශීය දැනුම මත, දේශීය ව්‍යවසායකයන් මත, දේශීය ජනතාව මත, දේශීය සම්පත් මත. කාටවත් බෑ කිව්ව කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද ගෝඨාභය සුසංයෝගය කොරෝනා යුද්ධය අද ලොවට ආදර්ශයක් වෙමින් ජයගන්න ආකාරයෙන්ම මේ ආර්ථික යුද්ධයත් ජයගෙන පෙන්නනවා යි කියන උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් මම නිහඬවනවා.

lankacnews

No comments

Ads Place