Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 382කට කොරෝනා.. 18,000 ආසන්නයේ..

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (17) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය...


කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (17) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 382 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ  විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 231 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 42 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 20 ක් වශයෙන් වේ.

අද (17) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,154 ක් වේ. ඉන් පුද්ගලයින් 8,381 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර           –             3,106
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                   –           11,048

ඊයේ (16) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,668 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,805 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (16) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,802 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 311 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (17) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව, අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (17) දින උදෑසන වනවිට, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

අද (17) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 26 ක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 37 ක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් පුද්ගලයින් 22 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අද (17) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,281 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (16) දිනය තුල PCR පරික්‍ෂණ 10,713 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

No comments

Ads Place