Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විත්ති වාචකය නොකැඳවාම සෙවිලි තහඩු නඩුවෙන් බැසිල් නිදහස් කරන්නේද, නැද්ද තීන්දුව 30

  2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජප...

 


2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 30 වනදා ප්‍රකාශකට පත් කරන බව කොළඹ මහාධිකරණය ඊයේ (25) නිවේදනය කළේය.

ඒ, එම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම පසුගියදා අවසන් වූ අතර බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු චූදිතයින්ට ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවටත් එහෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය ප්‍රකාරව විත්ති වාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙසත් විත්තියේ නීතීඥවරුන් සිය ලිඛිත දේශන බාරදෙමින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

ඊයේ දිනයේදී පැමිණිල්ලේ ලිඛිත දේශන ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් අධිකරණයට බාරදුන් අතර ඒ අනුව මෙම නඩුවේ විත්ති වාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය නොවැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනුසුරුවරයා ප්‍රකාශ කළේ

No comments

Ads Place