Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලබන අපේ‍්‍රල් මාසයේ සිට කොරෝනා මරණ අනුපාතය 30% කින් අඩු වන බවට අනාවරණයක්

දැනට ලොව පුරා පවතින කොවිඞ් මරණ අනුපාතය ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පමණ සිට සියයට 30 කින් පහත බසිනු ඇති බව අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ වොෂින්ටන...


දැනට ලොව පුරා පවතින කොවිඞ් මරණ අනුපාතය ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පමණ සිට සියයට 30 කින් පහත බසිනු ඇති බව අනාවරණ වී තිබෙනවා.


අමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් සිදු කළ පර්යේෂණ කිහිපයකින් එම කරුණු අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රෝගීන් රැකබලාගැනීම සදහා වඩා සාර්ථක ක‍්‍රම භාවිතය, ඔක්සිජන් ආධාරක භාවිතය සහ වැඩිදියුණු කළ වෛද්‍ය ප‍්‍රතිකාර හේතුවෙන්, එලෙස කොවිඞ් මරණ අනුපාතය පහළ බසිනු ඇති බව එම පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා. 


මේ වනවිට ද අමෙරිකාවේ කොවිඞ් මරණ අනුපාතය අඩුවෙමින් පවතින බවයි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කි‍්‍රස්ටෝපර් මරේ ප‍්‍රකාශ කර ඇත්තේ.


ඔහු පවසන්නේ වසංගත ව්‍යාප්තිය ආරම්භයේදී සියයට බින්දුවයි දශම 9 ක් ලෙස පැවති අමෙරිකාවේ කොවිඞ් මරණ අනුපාතය මේ වනවිට සියයට බින්දුවයි දශම 6 ක් දක්වා අඩුවී ඇති බවයි. 


කෙසේ වෙතත්, වයස්ගත පුද්ගලයින් සහ ඉහළ ස්ථුලතාවයකින් පෙලෙන පුද්ගලයින් අතර කොවිඞ් මරණ අනුපාතය සාමාන්‍ය පුද්ගලයින්ට සාපේක්ෂව තවදුරටත් ඉහළ අගයක් ගන්නා බව අමෙරිකාවේ සියැටල් ආයතනය පෙන්වා දී තිබෙනවා.

nethnews

No comments

Ads Place