Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෘත දේහයක දින 27කට පසුවත් කොවිඩ්-19 වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ.

  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට...

 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බවයි.

ඒ අනුව,මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් කොවිඩ්-19 වෛරසය පැවතිය හැකි බව ඇය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්; කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ “මෘත ශරීර බැහැර කිරී‍මේ ක්‍රම” අධ්‍යනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බව ඇය පවසයි.

ඒ අතර,අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් සිදුවන මරණ ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 22දා පැවසීය.

lankaleadnews

No comments

Ads Place