Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 256 දෙනෙකුට කොරෝනා

බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 කට මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස කොරෝනා ආසාදනය වූ පොලිස් නිල...


බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 කට මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගෙන් 06 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ. ඒ අනුව කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 250 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. 


මේවනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 317 ක්. නිලධාරීන් 1447 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඉන් නිලධාරීන් 23 දෙනෙකු මේවනවිටත් සිය නිරෝධායන කටයුතු අවසන් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

nethnews

No comments

Ads Place