Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාපාන පේමසිරි නාහිමියන්ට අවසන් ගෞරව දක්වන්න ජන ගගක්.. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 22 වැනිදා..

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මැණික්හින්න , හූරීකඩුව විද...


අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මැණික්හින්න , හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර ඇත.

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිත අතර, දේහය සදහා සිය අවසන් ගෞරව දැක්වීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (18) සහභාගී වු අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම දේශයට දැරිය නොැහැකි පාඩුවක් වන බවයි.

දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා විශාල ජනතාවක් හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනෙ වෙත පැමිණෙමින් සිටින අතර, කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව වෙත දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව සළසා තිබේ.

lankacnews

No comments

Ads Place