Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

20 වැනි සංශෝධනයට හොර රහසේ ජාතික ආණ්ඩු සංකල්පය ඇතුල් කරීම බරපතල සදාචාර විරෝධී ක්‍රියාවක් – නීතිඥ කල්‍යානන්ද තිරණාගම

සමජනයා සමඟ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පූර්ව සංවාදයකින් තොරව කාරකසභා අවස්ථා විවාදයේදී කලබල මැද 20 වැනි සංශෝධනයට ඉතා සූක්ෂම ලෙස ජාතික ආ...


සමජනයා සමඟ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පූර්ව සංවාදයකින් තොරව කාරකසභා අවස්ථා විවාදයේදී කලබල මැද 20 වැනි සංශෝධනයට ඉතා සූක්ෂම ලෙස ජාතික ආණ්ඩු සංකල්පය ඇතුල්කොට ඇති බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතාගේ මතය විමසන ලදී. මේ ඒ මහතාගේ අදහස්,

” 19 වැනි සංශෝදනය නරක නිසා එය ඉවත්කළ යුතු බව කියමින් එහි අඩංගු ඉතාම නරක දේ නැවත 20 ට ඇතුල් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවට විවාදයක් නැහැ. මහජනමතය තිබුණේ ඇමති මණ්ඩලය සීමා කරන වගන්තිය නැවත ඇතුල් කරන්න කියලා විතරයි.

ඒ සමඟම ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඇතල් කළේ ඇත්තටම හොර රහසේ. ඒක වැරදි ක්‍රියාවක් ඒ කළ  විදිහ වැරදියි. ඒ සමඟම එම ප්‍රතිපත්තියත් වැරදියි. දැන් මහජනයා අහනවා ආගම්වාදී පිරිස් ආණ්ඩුව ඇතුළට අරගෙන ඇමතිකම් දෙන්නද කියල. “

lankaleadnews

No comments

Ads Place