Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2020 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට

වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ...


වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය.

අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත් සමඟ වෙළඳ හිඟය පෙර වසර හා සසඳන විට 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු විය.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2011 වසර අවසානයෙන් පසු ඉහළ ම වාර්ෂික වර්ධන වේගය වාර්තා කළේය.

මූල්‍ය ගිණුමේ, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ තුළ මෙම මාසය තුළ විදේශ ආයෝජන ලැබීම් සුළු ප්‍රමාණයක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකයට ඇති පීඩනය ලිහිල් කළ අතර, දළ නිල සංචිත ඉහළ නැංවීම සඳහා ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට මහ බැංකුවට හැකියාව ලැබිණි.

මෙම ප්‍රවණතා නිරූපණය කරමින්, 2020 වසරේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය.

adaderananews

No comments

Ads Place