Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ආණ්ඩු වගන්තිය කාරකසභා විවාදයේදී ඉතා සූක්ෂමව 20ට ඇතුල් කරලා

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ විවාදයේදී නව වගන්ති ඇතුල් කිරීමේදී ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඉතා සූක්ෂමව නැවත ඇතුල් කොට ඇති බව නි...


20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ විවාදයේදී නව වගන්ති ඇතුල් කිරීමේදී ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඉතා සූක්ෂමව නැවත ඇතුල් කොට ඇති බව නිති අංශ වලින් වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල 30 ට සීමා කිරීමේ වගන්තිය නැවත ඇතුල් කිරීමේදී කූඨ ලෙස ජාතික ආණ්ඩු පිහිටුවීමට ඉඩ ලැබෙන වගන්තිය නැවත ඇතුල් කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රතිපාදන යොදා ගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමේ ඉඩක් තිබෙන බවද වාර්තා වේ.

දැනටත් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මුස්ලිම් පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ආණ්ඩුවට ඇතුල් වී ඇමතිකම් ලබා ගැනීමට බලාසිටින බව රහසක් නොවේ.

නමුත් ඔවුන් ආණ්ඩුවට ඇතුල්කර ගතහොත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වන බව ජාතික සංවිධාන කියයි.

lankaleadnews

No comments

Ads Place