Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධිබලැති ක්ලේමෝ බෝම්බ 2 ක් සොයාගනියි….

වව්නියාව පරයානන්කුලම් පලෙයිඅඩි කල්ලිකුලම් වැව ආසන්නයේ කැලෑවක තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිල...


වව්නියාව පරයානන්කුලම් පලෙයිඅඩි කල්ලිකුලම් වැව ආසන්නයේ කැලෑවක තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ සොයාගනු ලැබීය.

පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසන් කල්ලිකුලම් වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයේ තිබී අදාල ක්ලේමෝ බෝම්බ දෙක සොයාගෙන ඇත.

සොයාගත් ක්ලේමෝ බෝම්බවලින් එකක් කිලෝ 15 ග්‍රෑම් 360 ක් සහ අනෙක් ක්ලේමෝ බෝම්බය කිලෝ 15 ග්‍රෑම් 530 ක බරකින් යුක්ත වන බවට වාර්ථා වෙයි.

යුදසමයේදී කොටි සංවිධානය විසින් අදාල ප්‍රදේශයේ මෙම ක්ලේමෝ බෝම්බ දෙක සඟවා තබන්නට ඇති බවටත් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අදාල ක්ලේමෝ බෝම්බ දෙක මඩු පොලීසිය වෙතට භාර දීමට පියවර ගත් බවට පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

මන්නාරම ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී තුමන්ගේ උපදෙස් පරිදි පරයානන්කුලස් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී හා වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී යන අයගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් විසින් මෙම ක්ලේමෝ බෝම්බ දෙක සොයාගනු ලැබීය.

lankacnews

No comments

Ads Place