Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද?-පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි

මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ ද...


මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි රටට සෘජුව ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිති.

උන්වහන්සේ එම නිවේදයන මගින් වැඩිදුරටත් පවසා සිටින්නේ,
ඉස්ලාම් භක්තිකයෙකු කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය හොත් එම පුද්ගලයාගේ මෘතදේහ ආදාහනයෙන් තොරව භූමිදානයට අවසර දී ඇතැයි පැතිරී යන ආරංචියක් හේතුවෙන් සහ ඒ බව සනාථ කරමින් කැබිනට් ඇමතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමන් වහන්සේ කනස්සල්ලෙන් සිටින බවයි.

තමන් වහන්සේට වැටහෙන පරිදි එල්ලවන සමාජ විරෝධය හමුවේ දැනට හකුළාගෙන ඇති එම තීන්දුව අද හෙට නැතත් තව මාස දෙකකින් හෝ ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද අවධාරණය කරති.

යම් කිසි විධියකින් එසේ කරන්නේ නම් ජනාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ මළුවේ දුටුගැමුණු පිළිරුව අබියස දිවුරුම් දෙමින් පෙන්නූ අභිමානනීය ප්‍රතිරූපය කෙලෙසා ගැනීමක් ලෙස සලකන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

එලෙසම උන් වහන්සේ , 69 ලක්ෂයක් වූ බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා හානි කරගනු දැකීමට තමන්වහන්සේ කැමති නොවන බවද උන්වහන්සේ තම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙති.

කැබිනට් මණ්ඩලයට අන්තවාදී අතාර්කික මෙන්ම අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දු ගැනීමට ජනාධිපතිවරයා ඉඩ නොදිය යුතු බව තවමත් මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන බව උන්වහන්සේ තම ලිපිය මගින් අවසාන වශයෙන් අවධාරණය කරති.

lankaleadnews

No comments

Ads Place