Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් 19 වෛරසය දින 3 ක් පුරා මතුපිට පෘෂ්ඨයක නොමැරී රැඳී තිබෙනවා – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ‍්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ...


කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ‍්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

වෙනත් වෛරස මෙන් නොව කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු පෘෂ්ඨයක් මත සකී‍්‍රය ව පැවතීම ඉතා භයානක තත්ත්වයක් බවද පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ හේතුව නිසා ඔබ කාර්යාලයේදී, පොදු වාහන භාවිතා කරද්දී මෙන්ම නිවසින් බැහැරව සිටින ඕනෑම අවස්ථාවක භාණ්ඩ මෙන්ම පුද්ගලයන් ස්පර්ශය ඔවුන් සමග සමීපව කටයුතු කිරීම අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

සබන් හෝ විෂබීජ නාශක දියර යොදා නිතර අත සේදීමෙන් මෙම වෛරසය තමන් වෙත ආසාදනය වීම වළක්වා ගතක හැකි බවද පාදෙණිය මහතා පවසයි.

කොරෝනා වෛරසය ජලය හෝ මළද්‍රව්‍ය සමග මිනිස් ශරීරයට ඇතුළු වීමේ අවදානමක් ඇද්දැයි අප කළ විමසීමකට පිළිතුරු දුන් වෛද්‍ය පාදෙණිය මහත කියා සිටියේ ජලය මළද්‍රව්‍ය සමග මෙම වෛරසය ශරීර ගත වීමක් සිදුවන බවට කිසිදු පරීක්‍ෂණයකින් සනාථවී නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද එය තහවුරු කර ඇති බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

lankaleadnews

No comments

Ads Place