Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාවනැල්ල ප‍්‍රා. ලේ. කලාපයෙන් තවත් කොරෝනා අසාදිතයන් 18ක්..

මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් කලාපයෙන් තවත් කොරෝනා අසාදිතයන් 18 දෙනෙකු පී.සී.ආර් වාර්තා වලින් තහවුරු වු බවත් ඔවුන් සියලූ දෙනා පැලියගොඩ මත්ස්‍ය...


මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් කලාපයෙන් තවත් කොරෝනා අසාදිතයන් 18 දෙනෙකු පී.සී.ආර් වාර්තා වලින් තහවුරු වු බවත් ඔවුන් සියලූ දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ සමග සම්බන්ධතා පැවැත්වු පුද්ගලයන් වන බව මාවනැල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක වෛද්‍ය ගැමුණු වික‍්‍රමසිංහ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා මෙසේද කිය. මෙම සියලූ දෙනා හදුනාගෙන නිරෝධායනයට ලක් කර තිබුණු බව පැවසු අතර ඔවුන් අසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසුව ඔවුන් සමග ඇසුරු කරන ලද අශ‍්‍රීතයන් නිරෝධායනයට ලක් කිරිමට ඉදිරි පැය කිහිපයේදි කටයුතු කරන බවද පැවසිය.

වැඩිදුරත් අදහස් දැක්වු ඒ මහතා පැවසුයේ පසුගිය දින කිහිපයේදි පැලියගොඩ මත්ස්‍ය වෙළෙද සැල සමග සම්බන්ධතා පැවැත්වු සහ මත්ස්‍ය වෙළදාමේ යෙදෙන 40 දෙනෙකු පරික්ෂණයට යොමු කිරිමෙන් පසුව මෙම 18 දෙනා රෝගින් ලෙස අද දින වාර්තා නිකුත් වි ඇති බවද කියයි.

ඉන් 7 දෙනෙකු හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර ඔවුන් හෙම්මාතගම,ගිනිහප්පිටිය, වඩුවාවල, හරංකහව, කෙහෙල්පන්නල යන ප‍්‍රදේශ වලින් වාර්තා වන බව හෙම්මාතගම මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.එම්.ජනක තිලකරත්න මහතා පැවසිය. ඔවුන්ගේ අශ‍්‍රීතයන් පවුලේ උදවිය මේ වන විට නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසිය.

lankacnews

No comments

Ads Place