Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුර 15,000 ට ආසන්න වෙයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 14,893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ තවත...


මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 14,893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ තවත් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තව පැවසුවේ, එම ආසාදිතයින් 92 දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ‍්‍රිතයින් වන බවයි. 


ඒ අනුව ඊයේ දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 325 ක් වන බව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. 


මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 69 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 03 ක් වාර්තාවීමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. 

මියගොස් ඇති එක් පිරිමි පුද්ගලයෙක් 70 හැවිරිදි වියේ පසුවූ කඳාන ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. 


ඔහු සිය නිවසේදීම මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නව්‍ය කොරෝනා වෛරසයේ ආසාදනය සමග ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතාවයක්.


කොළඹ 13 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු ද සිය නිවසේදීම මියගොස් තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ආසාදනය සමග දියවැඩියා රෝගයේ සංකූලතා උත්සන්නවීම මරණයට හේතුව බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.


කොවිඞ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන සිටි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ 74 හැවිරිදි කාන්තාවක් ද හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය නිසා පෙනහලූ දුර්වලවීමයි. 

nethnews

No comments

Ads Place