Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර ජනගහනයෙන් 1.5%කට කොරෝනා..

බන්ධනාගාර තුළ පැතිර යන කොවිඩ් 19 පාලනය කිරීමේදී බන්ධනාගාරතුළට එකතුවන නව රැදවියන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකොට PCR පරික්ෂාවකින් පසු බ...


බන්ධනාගාර තුළ පැතිර යන කොවිඩ් 19 පාලනය කිරීමේදී බන්ධනාගාරතුළට එකතුවන නව රැදවියන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකොට PCR පරික්ෂාවකින් පසු බන්ධනාගාර තුළට රැගෙන ඒමේ ක්‍රමවේදයක් සකසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නාය.

බන්ධනාගාර ජනගහණයෙන් 1.5%කට මේවන විට වෛරසය ආසාදනය වී ඇති අතර එය තවදුරටත් පාලනය කරගැනීම සදහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේබව සදහන් කලාය.

සැලසුම්කල පරිදි බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි අවධානය හේතුවෙන් දින 28ක් පුරා බන්ධනාගාර පද්ධතිය ආරක්ෂාකර ගැනීමට හැකිවුවත් පසුව බන්ධනාගාරතුළට වෛරසය ඇතුළුවූ ආකාරය පිළිබදව අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය. මෙහිදී හෙළිවූයේ වෛරසය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු අනුව දින 10කට පසුව රෝගී ලක්ෂණ පෙන්වන තත්වයෙන් පරිභාහිරව වෛරසයේ හැසිරීමේ වෙනසක් පවතින බවත් දින 14ක නිරෝධායනයෙන් පසුව කොවිඩ් 19 ආසාදිනය වීමක් හේතුවෙන් බන්ධනාගාර තුලට වෛරසය කාන්දුවූ අවස්ථාවක් පවතින බවයි. එය විරල අවස්ථාවක් බවත් බන්ධනාගාරයක් තුළ එවැනි තත්වයක් මතුවීම සෘණාත්මක ප්‍රතිඵල අත්වීමට හේතුවක් වියහැකි බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මෙහිදී සදහන් කලහ. ඒ අනුව බන්ධනාගාරතුළ කොවිඩ්19 තත්වය පිළිබදව පූර්ණ තක්සේරුවක් සිදුකරන ලෙස බන්ධනාගාර සෞඛ්‍ය අංශයට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදෙන ලදි.

කොවිඩ් 19 පාලනයට PCR වැඩිකිරීමත් ආශ්‍රිතයින් හුදකලා (Isolation) කිරීමත් අත්‍යාවශ්‍ය වන කාරණයක් බව සදහන් කල අමාත්‍යවරිය, රැදවියන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිකිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස උපදෙස් ලබාදෙන ලදි. බන්ධනාගාර තුළ කොවිඩ් 19 පාලනය කිරීමට තාක්ෂණය යොදාගැනීම කෙරෙහිද අමාත්‍යවරියගේ අවධානය යොමුවිය. ඒ අනුව ස්වයංක්‍රීය උෂ්ණත්වය මැනීමේ උපකරණ, UVC (Virus & bacterial killing system) වෛරස් විනාශ කිරීමේ උපකරණ බන්ධනාගාරවල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුවූ අතර එම උපකරණ පරික්ෂා කිරීමටද අමාත්‍යවරිය මෙහිදී කටයුතු කරන ලදි. බන්ධනාගාරවලින් නිදහස්ව යන රැදවියන්ගෙන් සමාජයට කොවිඩ් 19 පැතිරීමට ඇති අවස්ථාවන් අහිමි කිරීම කෙරෙහිද අවධානය යොමුකල යුතු බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කල අතර ඒ සදහා පොලීසිය මගින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනුවත් කර නිදහස්ව පැමිණෙන රැදවියන් නිවෙස් නිරෝධායනයකට ලක්කිරීමට අවශ්‍ය කටයුතු කල යුතු බව සදහන් කලාය.

අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ, බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.

lankacnews

No comments

Ads Place