Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක ධූරය මකුලෑවේ විමලාභිධාන හොබවති මහනාහිමියෝ

  මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍...

 


මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරයට පත් වෙති.ඒ අනුව උන්වහන්සේ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක ධූරය හොබවනු ලබති.

2020 සැප්තැම්බර් 25 දින සිට ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයේ කටයුතු කරමින් සිටි මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ එම පාර්ශ්වයේ අධිකරණ සංඝනායක, සංඥා ලේඛකාධිකාරී ඇතුළු පදවි රැසක් හොබවමින් ශාසන සේවාවේ සිටි ධර්මධර, විනයධර සංඝ පීතෘ නමකි.

මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ‍්‍රවාණාගාරයේදී ඊයේ (22 )රැස්වූ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂ කාරක සංඝ සභාව විසින් මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ මහනායක පදවියට ඒකමතිකව තෝරා පත්කර ගත් බව වාර්තාවේ.

lankaleadnews

No comments

Ads Place