Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල එකක්වත් නොවැම්බර් 13 දක්වා රාජ්‍ය අංශයෙන් මිලදී ගෙන නැත : චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ ඇත්තේ වසංගතය අවුළුවන විපක්ෂයක් බවත්, කොරෝනා මර්ධනය වෙනුවෙන් විපක්ෂය මීට වඩා සහයෝගය දිය යුතු බවත්, විපක්ෂය කොතෙක් චෝදනා කළත්, ...


ශ්‍රී ලංකාවේ ඇත්තේ වසංගතය අවුළුවන විපක්ෂයක් බවත්, කොරෝනා මර්ධනය වෙනුවෙන් විපක්ෂය මීට වඩා සහයෝගය දිය යුතු බවත්, විපක්ෂය කොතෙක් චෝදනා කළත්, මේ කතා කරන මොහොත දක්වා එනම් 2020 නොවැම්බර් 13 වන දින දක්වා රාජ්‍ය අංශය විසින් එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ ගෙනැවිත් නැති බවත් රාජ්‍ය ආමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන අද (13) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 
“වත්මන් ආණ්ඩුව වෛද්‍ය සැපයුම් වෙනුවෙන් පාරදෘශ්‍ය භාවයෙන් යුතුව ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කරනවා. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීවර් හිතා මාතාම මේක පාවිච්චි කරා මේවා පෞද්ගලික අංශයට ගෙන ඒම සහ රාජ්‍ය අංශයට ගෙන ඒම කියන කාරනා දෙක මිශ්‍ර කරලා වැරදි ප්‍රතිරූපයක් මැවීම සදහා  රටතුල. ඒකෙන් පාඩු වුණේ කාටද..? මේ කරන අභූත චෝදනා නිසා, මේ හැම කමිටුවකම ඉන්නා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු, දැන උගත් මිනිස්සු. දැන් කමිටුවකට කෙනෙක් එන්න බයයි මේ කරන අභූත චෝදනා නිසා. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලෝකෙටම ප්‍රී වැලිඩේට් කරලා - ප්‍රී කොලිෆයිඩ් කරලා තියෙද්දී ලෝකේ පලවෙනි වතාවට ඒකට අභියෝග කරපු විපක්ෂයක් මේ තියෙන්නේ. ටලා්ක සෞඛ්‍ය සංවිධානයේ තීරණයටත් අභියෝග කරා. මේවයින් වෙන්නේ මේ පරීක්ෂණ ක්‍රියාවලිය පරක්කුවෙන එකයි.” යනුවෙන් ද චන්න ජයසුමන වෛද්‍යවරයා පැවැසීය.

No comments

Ads Place