Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මට්ටක්කුලිය මෝදර උයනේ කොරෝනා ආසාදිතයින් 138ක්

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා ගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම...


ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා ගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එම ආසාදිතයින් අතුරින් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද කොළඹ වරායෙන් 11 දෙනෙක් සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21ක් වාර්තා වී ඇත.


මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 42ක් වාර්තා වී තිබෙනවා. එලෙස ආසාදිතයින් වාර්තාවී ඇත්තේ බත්තරමුල්ල 05, හංවැල්ල 08, කොළොන්නාව 06, මෝදර 06, අතුරුගිරිය සහ අංගොඩ යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 03 දෙනා බැගින්ද, දෙහිවල / රත්මලාන / පිළියන්දල / රාජගිරිය / කඩුවෙල යන ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින්ද  මාළඹේ/ අවිස්සාවේල්ල / මොරටුව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 02 දෙනා බැගින්ද වාර්තා වී ඇත.


ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු වාර්තා වී ඇත. එලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ 18, මාතර 08, කටාන සහ මීගමුව යන ප්‍රදේශ වලින් ආසාදිතයා 07 බැගින් ද, බියගම සහ කැළණිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 11 දෙනා බැගින් වාර්තා වී ඇත.


මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇත. එලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 06 ක් වාර්තා වී ඇත.


එයට අමතරව ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක වන්නේ :


කුරුණෑගල 02 ( කුරුණෑගල 01 / රිදීගම 01)

ගාල්ල        02 ( හික්කඩුව 01 / බලපිටිය 01)

මාතර         03 ( මාතර නගර සභා බල සීමාව 02 / අකුරැස්ස 01)

රත්නපුර     09 ( ඇහැලියගොඩ 08 / සීතාවකපුර 01)

නුවරඑළිය  06 ( මස්කෙළිය 02 / බොගවන්තලාව 03 / නානුඔය 01)

මහනුවර    03 ( නුවර 01 / තලාතුඔය 02)


පොලිසියේ 94 ( බොරැල්ල පොලිසියේ 41 / සෙසු පොලිස් ස්ථාන 53)


ගුවන් විදුලි සංස්ථාව : 05


නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : ආසාදිතයින් 25.

nethnews

No comments

Ads Place