Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 13000ට ආසන්න වෙයි

රට දී හමුවී ඇති සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වී තිබේ. ඊයේ (06) දින හඳුනාගත් ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසා...


රට දී හමුවී ඇති සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වී

තිබේ.

ඊයේ (06) දින හඳුනාගත් ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින්
සංඛ්‍යාව 12970 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන් 7186 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5754 දෙනෙකු තවදුරටත්
නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 400 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත්
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492 දක්වා
ඉහළ ගොස් තිබේ.

මේ අතර වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින්  563 දෙනෙකු සුවය ලබා ඊයේ
රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින්
සංඛ්‍යාව 3000 ඉක්මවා යයි.

adaderananews

No comments

Ads Place