Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 11,000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍...


කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11060ක් වන අතර ඉන් රෝහල් ගත කර ඇති පිරිස 6134ක්. මේ වන විට සුවය ලබා ඇති පිරිස 4905ක් වනවා.

අද දිනයේ දී මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 397ක්. මේ වන විට මිනුවන්ගොඩ ඇතිවූ කොරෝනා පොකුර අද වන විට 7582ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර හොරණ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආශී‍්‍රතව කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහල යමින් තිබෙනවා. මේ දක්වා අදාල කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇතැයි සඳහන්. ඉන් 12 දෙනෙකු හොරණ ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර සෙසු පිරිස ඉංගිරිය, කිරිඇල්ල, බුලත්සිංහල, මොරගහහේන, බණ්ඩාරගම, පාදුක්ක, අයගම හා අගුරුවාතොට යන ප‍්‍රදේශවල සිට පැමිණි පුද්ගලයින් වනවා.

මෙම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව 5,770ක්. කර්මාන්තශාලාව ආශී‍්‍රතව පළමු ආශී‍්‍රත කාන්තාව පෙරේදා දිනයේ හදුනා ගැණුනේද අහඹුු පී සී ආර් පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. ඊයේ දිනයේද අලූතින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වුණේ සේවකයින් 170 දෙනෙකු ඇසුරින් කළ පී සී ආර් පරීක්ෂණවලින්.

මේ අතර මෙරට 21වන කොරෝනා මරණය වැලිසර ලය රෝහලෙන් වාර්තා වුණා. වයස අවුරුදු 40ක් වූ ඔහු ගමපහ හේනගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආබාධයක් හේතුවෙන් මෙම පුද්ගලයා ඉකුත් 23 රෝහල්ගත කර පසුව සුවය ලබා නිවස බලා පිටව ගොස් තිබුණා. ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නිවසේ දී බවයි වාර්තා වුණේ. මෙම පුද්ගලයාගේ දේහය පී සී ආර් පරීක්ෂණ ස`දහා රෝහලවෙත රැුගෙන ගිය පෞද්ගලික මල්ශාලාවක පුද්ගලයින් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කෙසේවෙතත් රජය ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ පලමු පී සී ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු ලෙස වාර්තා වී නොමැති බවයි. මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ පී සී ආර් පරීක්ෂණයෙන් බවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ.

nethnews

No comments

Ads Place