නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් තලවාකැලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් රැදී සිට...
නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් තලවාකැලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් රැදී සිටි සංචාරක නිකේතනයේ සේවකයින් සිව් දෙනෙකු ද එලෙස නිරෝධායනයට යොමු කෙරුණා. ඒ, තලවාකැලේ පොලිසිය සහ තලවාකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින්.
ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ලිපිකාරිනියක්ද එම පිරිසට අයත්. තලවාකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් සමරසේකර පැවසුවේ නිට්ටඹුව රන් පොකුනගම ප්‍රදේශයේ සිට මෙම පිරිස තලවාකැලේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සංචාරක නිකේතනයට පැමිණ ඇති බවයි.
nethnews
No comments