Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පොලිසියේ තවත් 10කටත්, වෛද්‍යවරු 03කටත් කොරෝනා

දෙමටගොඩ පොලිසියේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ හා මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් හය දෙනෙකුට මෙන්ම මාලිගාවත්ත, මරදාන, ග‍්‍රෑන්ඞ්පාස් සහ වරාය පොලිසිය...


දෙමටගොඩ පොලිසියේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ හා මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් හය දෙනෙකුට මෙන්ම මාලිගාවත්ත, මරදාන, ග‍්‍රෑන්ඞ්පාස් සහ වරාය පොලිසියේ එක් නිලධාරීයෙකුට බැගින්ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන්ගේ ආශී‍්‍රතයින් සියලූ දෙනා නිරෝධායනයට ලක්කරන බවයි පොලිසිය පැවසුවේ. 

කලූබෝවිල ශීක්ෂන රෝහලේ 15 - බී වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී තිබෙනවා. මීට අමතරව එම රෝහලේ ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සඳහන්. ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ අයී ඞී එච් රෝහලට ඇතුළත් කෙරුණා. නුගේගොඩ පදිංචි ඔහුගේ ආශී‍්‍රතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. 

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත් වූ 49 හැවරදි මෝදර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය  වී ඇති බවට සැකපල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

nethnews

No comments

Ads Place