Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටුව, බොරැල්ල ඇතුළු කොළඹ - ගම්පහ පොලිස් වසම් 06 ක ඇඳිරි නීතිය ඉවතට

  කොවිඞ් 19 ව්‍යාප්තිය හමුවේ මෙතෙක් හුදෙකලා කර තිබූ පොලිස් වසම් 06 ක් අද අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.  ඒ අතරට කොළඹ දිස්ති‍්‍...

 


කොවිඞ් 19 ව්‍යාප්තිය හමුවේ මෙතෙක් හුදෙකලා කර තිබූ පොලිස් වසම් 06 ක් අද අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. 


ඒ අතරට කොළඹ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම් 04 ක් අයත්. එම පොලිස් වසම් වන්නේ බොරැුල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදියයි. කෙසේවෙතත්, බොරැුල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග‍්‍රාම නිලධාරී වසම නැවත දැනුම්දෙන තුරු හුදෙකලා තත්ත්වයේම පවතිනවා. 


මිට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ ද පොලිස් වසම් 02 ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.  මෙලෙස ප‍්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණේ එම ප‍්‍රදේශවල ජනතාව නිරෝධායන රීතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් අලූතින් ආසාදිතයින් වාර්තා නොවීම සැලකිල්ලට ගනිමින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 


කෙසේවෙතත්, කළුතර දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරී වසම් 07ක් ද තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.  බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටලූගම බටහිර, බමුණුමුල්ල මුස්ලිම් සහ ගලගහමණ්ඩිය එම ග‍්‍රාමනිලධාරී වසම් වනවා. 


මේ අතර හෙට දිනයේ සිට යළි කාර්යාලීය දුම්රිය ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින්. කෙසේවෙතත් හුදෙකලා කර ඇති ප‍්‍රදේශවලදී එම දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ.


ප‍්‍රධාන මාර්ගය, හලාවත මාර්ගය, කැළණිවැලි මාර්ගය හා මුහුදුබඩ මාර්ගයේ සුපුරුදු පරිදි දුම්රියන් ධාවනය වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. සියලූ දුම්රිය මගීන් සියලූ සෞඛ්‍ය රීති තරයේ පිළිපැදිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

No comments

Ads Place