Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයෙකු නිසා වැලිකඩ බන්ධනාගාරයේ දිවා ආහාරවේල සවස 04 තෙක් ප‍්‍රමාද වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වැඩ සඳහා යොදවා සිටි රැඳවියෙකූට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද එම බන්ධනාගාරයේ රැඳවියන්...


වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වැඩ සඳහා යොදවා සිටි රැඳවියෙකූට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද එම බන්ධනාගාරයේ රැඳවියන්ගේ දහවල් කැම වේල ලබාදීම ප‍්‍රමාද වී තිබෙනවා. සාමාන්‍යයෙන් රැඳවියන්ට දහවල් කෑමවේල පෙරවරුවේ 11.30 ට පමණ ලබා දීම සිදු වුවත්, අද දහවල් කෑම වේල ලබාදී ඇත්තේ සවස 4 ට පමණ බවයි වාර්තා වුණේ. 


ඊට හේතුවී ඇත්තේ මුළුතැන්ගෙයි වැඩ කළ රැඳවියන් පිරිස එම රාජකාරි වලින් ඉවත් කර මුළුතැන්ගෙය විෂ බීජහරණය කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගැනීම හේතුවෙන්. ඉන් පසුව වෙනත් රැඳවියන් පිරිසක් මුළුතැන්ගෙයි රාජකාරි සඳහා යොදවා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයින් රැඳවියන් 4,000 කට ආසන්න පිරිසකට එකවර ආහාර සකස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


මේ අතර, වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙ තවත් කාන්තා රැඳවියන් 22 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවටයි තහවුරු වී ඇත්තේ. එම රැඳවියන් දෙදෙනාගෙන් එක් අයෙකු බන්ධනාගාර මුළුතැන්ගෙයි රාජකාරී කළ තැනැත්තායි. එම ආසාදිතයන් හ`දුනාගැනීමත් සමග බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් ද ඇතුළුව 200 දෙනෙකු පමණ පී සී ආර් පරීක්ෂණ සඳහා සිදු කර තිබෙනවා.


ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය ආශ‍්‍රිතව වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 32ක්. කාන්තා රැඳවියන් 26 දෙනෙකු, පිරිමි රැඳවියන් 3 දෙනෙකු සහ නිලධාරීන් 3 දෙනෙකු ඒ අතර වනවා.

nethnews

No comments

Ads Place