Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සම පෝෂ­ණය කරන නව­තම සත්කා­රය

ශීට් මාස්ක් කියන්නේ සම පෝෂ­ණය කිරී­මට භාවිත කර­න්නකි. රූප­ලා­වණ්‍ය සත්කා­රක ක්‍රම­වේද අතර ඕනෑම කෙන­කුට ඉක්ම­නින් හා පහ­සු­වෙන් කර ගත හැකි ...


ශීට් මාස්ක් කියන්නේ සම පෝෂ­ණය කිරී­මට භාවිත කර­න්නකි.

රූප­ලා­වණ්‍ය සත්කා­රක ක්‍රම­වේද අතර ඕනෑම කෙන­කුට ඉක්ම­නින් හා පහ­සු­වෙන් කර ගත හැකි සත්කා­ර­යක් ලෙස ශීට් මාස්ක් හැඳි­න්විය හැකියි. මෙය තව­මත් ලංකා­වට තර­මක් නුහුරු වූවත් ලොව පුරා නම් දැන් දැන් ජන­ප්‍රිය රූප­ලා­වණ්‍ය සත්කා­රක ක්‍රම­යකි. ශීට් මාස්ක් කියන්නේ සම පිරි­සුදු කිරී­මට හෝ මැරුණ සෛල ඉවත් කිරී­මට යොදා ගන්නා මාස්ක් එකක් නොව සම පෝෂ­ණය කිරී­මට භාවිත කර­න්නකි.

එදි­නෙදා හිරු රශ්මි­යට නිරා­ව­ර­ණය වීමෙන්, කෘත්‍රිම ආහාර පානවලින්, පාරේ තොටේ ගමන් කරද්දි සමට ඇලෙන දුවිලි සහ අපිරිසුදු දුමා­ර­යෙන් ඇතුළු වැඩි වේලා­වක් AC එකේ සිටි­මෙන් සමට වන හානි­යෙන් සම යථා තත්ත්ව­යට පත් කර දීප්ති­මත් සමක්, පැහැ­පත් බවක් එක් කිරීම සේම සම වය­සට යාම පාල­නය කිරී­මට යොදා ගන්නා පහසු සත්කා­ර­යකි. නමුත් කුරුලෑ සහිත මුහු­ණ­කට නම් ෆේස් ශීට් මාස්ක් යෙදීම සුදුසු නැත.

බොහෝ දෙනා සමට පෝෂක සත්කා­ර­ක­යක් ලෙස විවිධ ක්‍රීම් වර්ග යොදා ගත්ත ද ක්‍රීම් ආලේ­ප­න­යෙන් පසු වැඩි කොට­සක් වාෂ්පී­ක­ර­ණය වන බව නොදැන සිටි කරු­ණකි. එයින් සමට ලැබිය යුතු පෝෂ­ණය සම්පූ­ර්ණ­යෙන්ම නොලැබේ. නමුත් සිරම් වර්ග­ය­කින් පෙඟවූ ශීට් මාස්ක් එක­කින් සීරම් එකේ තිබෙන පෝෂණ ද්‍රව්‍ය සමට හොඳින් සම්බන්ධ කර වාෂ්පී­ක­රණ ක්‍රියා­ව­ලිය නැවැ­ත්වී­මට සමත් වෙයි.  

ශීට් මාස්ක් සාදන්නේ Non-woven fiber, Cottons, Hydrogel සහ Bio Cellulose වලින්. නමුත් රූප­ලා­ව­ණ්‍යය ශිල්පීන් භාවි­ත­යට සුදුසු යැයි නිර්දේශ කරන්නේ  Bio Cellulose වලින් සෑදූ ශීට් මාස්ක්ය. ඒ, ස්වාභා­වික සහ සමට හොඳින් සම්බන්ධ වෙන නිසා විය හැකියි. ශීට් මාස්ක් භාවි­ත­යට සීරම් වර්ග­යක් අව­ශ්‍යය වෙයි. සීරම් යනු ශීට් මාස්ක් එකේ තිබෙන පෝෂ­ණය කැටි වුණු දිය­ර­යකි. සිරම් සාදන්නේ ශාක­සාර සහ සමට අත්‍ය­වශ්‍ය විට­මින් වර්ග යොදා ගනි­මිනි.

ශීට් මාස්ක් භාවි­ත­යට පෙර සමට උචිත ෆේස් වොෂ් වර්ග­යක් භාවිත කර මුහුණ සෝදා තෙත මාත්තු කර ගත යුතුය. තෝරා ගත් සීරම් වර්ගය පොඩි බඳු­න­කට දමා ෆෙස් මාස්ක් එක එයට දමා මාස්ක් එකට එම ද්‍රාව­ණය හොඳින් උරා ගන්නා තුරු තැබිය යුතුය. ද්‍රාව­ණය හොඳින් උරා ගත් පසු ශිට් එක මුහුෙණ් අලවා ගත හැකිය. එය සමට සම්බන්ධ වී සුළු මොහො­ත­කින් සමේ බාහිර උෂ්ණ­ත්වය ඉහළ යන හෙයින් ඔබේ රෝම කූප විවෘ­තව සමේ ගැඹු­ර­ටම ද්‍රාව­ණයේ පෝෂණ උරා ගනියි. මෙසේ තබා විනාඩි 15 කින් පමණ  මාස්ක් එක ඉවත් කර ගත හැකිය. මුහුණේ සීරම් රැඳී තිබෙ­නවා නම් පිස­දැ­මී­මට හෝ ඒවා මුහු­ණට කා වදින තුරු තබා ගැනී­මට පුළු­වන.

ශීට් මාස්ක් පෙර කියූ පරි­දිම ඉතා පහසු සත්කා­ර­යක් සේම ගෙද­ර­දීම ශීට් එක දමා­ගෙන වෙනත් වැඩක වුවද නිරත විය හැකිය. මේ සත්කා­රය සති­යට දෙව­රක් කිරී­මෙන් ඉක්මන් ප්‍රති­ඵල ලබා ගත හැකි සේම මතක තබා ගත යුතු කරුණ වන්නේ වරක් භාවිත කළ ශීට් මාස්ක් නැවත නැවත භාවිත කිරී­මට නොහැකි බවයි.

No comments

Ads Place