Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රතිශක්තිය වඩන පෝෂණයෙන් පිරුණු කැඳ

මේ ගෙවීයන්නේ වෙන කවර කලකටත් වඩා භයානක කාලවකවානුවකි. කොරෝනා හෙවත් කෝවිඩ් -19 සමස්ත ලෝකවාසී ප්‍රජාවම භීතියට පත්කර ඇති අතර එයින් දැනට මිය ගිය...


මේ ගෙවීයන්නේ වෙන කවර කලකටත් වඩා භයානක කාලවකවානුවකි. කොරෝනා හෙවත් කෝවිඩ් -19 සමස්ත ලෝකවාසී ප්‍රජාවම භීතියට පත්කර ඇති අතර එයින් දැනට මිය ගිය ප්‍රමාණය ද අති විශාලය. එය තව කොපමණ ජීවිත ගණනක් බිලි ගනී දැයි අපට අනාවැකි කිව නොහැකියි. නමුත් අපට එක් දෙයක් කළ හැකියි. එනම් මේ කොරෝනා මරුවාගෙන් බේරී සිටීමට අවැසි ක්‍රියා මාර්ග ගැනීමයි. ඒ නිසි සෞඛ්‍ය උපදේස් පිළිපදිමින් ජීවිතයට හුරුවීමයි.

දෙවැන්න මේ භයානක වෛරසයට මුහුණ දීමට අපේ සිරුරු ශක්තිමත් කරගැනීමයි. එනම් රෝගවලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තීකරණයක් අපේ සිරුර අභ්‍යන්තරයේ ගොඩනගා ගැනීමයි. මේ සඳහා අප ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර රටාවකට හුරුවිය යුතු අතර අද ඔබට තිළිණ කරන්නේ පහසුවෙන් සකසා ගත හැකි ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ඔෘෂධීය කැඳ වර්ග කිහිපයක් සකසා ගන්න ආකාරයයි. මෙය ඔබට තිළිණ කරන්නේ කෑම රූප සමූහයේ ලොව පුරා විසිරී සිටින ලාංකේය සාමාජිකාවන් පිරිසකි. මේ කැඳ වර්ග සකසා ඡායාරූප ගෙන අත්තේ ද ඔවුන් ම වීම මෙහි විශේෂත්වයකි.

නිල් කටරොළු මල් කැඳ

 

(එක් අයකු සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

අමු නිල් කටරොළු

මල් හෝ වියළි මල්

50 ක්

පිසින ලද බත්

ග්‍රෑම් 70 ක්

වතුර මිලිලීටර් 500 ක්

සුදුලූනු බික් 3 ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

පළමුව නිල් කටරොළු මල් හොඳීන් සෝදා වතුර දමා මල්වල පාට ඉවත් වනතුරු හොඳින් තම්බා පෙරාගන්න.

ඉන්පසු එම වතුරට ලියාගත් සුදුලූනු සහ බත් එක්කර සුදුලූනු තැම්බී බත් ඇට බෙරිවන තුරු මඳ ගින්නේ පිසගන්න. කටට රසට ලුණු ස්වල්පයක් එක් කරගන්න.

ඉදිරිපත් කිරීම - උදාරා සංකල්පනී

************************

සුදුලූනු කැඳ

 

(එක් අයකු සඳහා)

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් මිටක්

සුදුලූනු බික් දහයක්

පොල් කිරි

කෝප්පයක්

ලුණු අවශ්‍ය පමණ

 

සාදන ආකාරය

සුදු කැකුළු හාල් මිට සෝදා වතුර කෝප්පයක් දමා ළිප තබා ගන්න. හාල් ටික තැම්බීගෙන එනවිට එයට සුදුලූනු බික් ටික සහ ලුණු එකතු කර වතුර හිඳෙන තෙක් තම්බා ගන්න. වතුර හිඳුණු පසු තැම්බුණු බත් ටික සහ සුදුලූනු ටික හොඳීන් පොඩිකර එයට පොල් කිරි එකතු කර හොඳීන් නටවා ළිපෙන් බා ගන්න. ලුණු මදි නම් රස අනුව එක් කරගන්න.

tharunee

No comments

Ads Place