Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හොරණ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයෙක්

  හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඇයගේ ළඟම ආශ්‍රිතයින් 170ක් පමණ සොයා ගෙන ඇති අතර, ...

 


හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇයගේ ළඟම ආශ්‍රිතයින් 170ක් පමණ සොයා ගෙන ඇති අතර, ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ අද (31) සවස සිදුකිරීමට නියමිතය.

ඇයට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ එහි සේවකයින් 20 දෙනෙකු අතරින් සිදුකරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලදීය.

අදාළ කම්හලේ විශාල පිරිසක් සේවය කරන අතර මේ හේතුවෙන් දැනට එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.


එම කාන්තාවට අමතරව අද දිනය තුළ දී හොරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 24 දෙනෙක් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 355ක් හමුවී තිබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එයින් ආසාදිතයින් 50 දෙනෙක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වන බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය වෛද්‍ය උදය රත්නායක මහතා, 

“අද පෞද්ගලික ආයතනයක සාමාජිකාවක් පොසිටිව් කියලා වාර්තා වුණා. ඒ අනුව අපි සාකච්ජා කළා දීර්ඝව තවදුරටත් ව්‍යාප්ත නොවී කටයුතු කිරීමට පියවර ගන්න ඕනේ කියලා. ඒ අනුව ඇයගේ ළඟින් ආශ්‍රිතයින් 170ක් පමණ අද සවස 5 පමණ වනවිට පීසීආර් පරීක්ෂණ සිදුකරනවා. සඳුදා වගේ වෙද්දි ඒ වාර්තා ලැබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දීලා තියෙන නිර්ණායක අනුව එම ආයතනයේ ඉදිරි ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් සිදුකළ යුතු ද කියලා තීරණය කරනවා. දැනට ඒ ආයතනය වහලා තියෙන්නේ. ඒ ආයතනය දැඩි විෂබීජහරණ කිරීමක් සිදුකරමින් පවතිනවා. ඊට අමතරව අද අපිට තවත් 24 දෙනෙක් හමුවුණා. ඒ මාළු වෙළෙඳාම ආශ්‍රිත රෝගීන්. ඒ අනුව තමයි 355ක් හැදිලා තියෙන්නේ. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් ඉතාමත් ම කැපවෙලා මේ නිරෝධායන කටයුතු මේ ආශ්‍රිතයින් සොයා ගැනීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතිනවා. ඇයට කොවිඩ් වැළඳුන ආකාරය හරියටම අපිට කියන්න බැහැ. ඇය මාළු මාකට් එකට හෝ බ්‍රැන්ඩික්ස් ආයතනයට අයිති නැති බව කියන්න පුළුවන්. පීසීආර් පරීක්ෂණයෙන් පසුව අපිට කියන්න පුළුවන්. අහඹු පරීක්ෂණයකින් තමයි අපිට මෙයාව හම්බුනේ.“

adaderananews

No comments

Ads Place