Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තේ මේසයට පොල් කේක්

  කඩකෑම කනවට වඩා හවස තේ වෙලාවටත් නිවෙසේ ම හැදූ පොල් කේක් කෑල්ලක රස බලන්න පුළුවන් නම් කොයිතරම් හොඳද.. මේ වට්ටෝරුවට අනුව ඔබටත් රසවත් පොල් කේක...

 


කඩකෑම කනවට වඩා හවස තේ වෙලාවටත් නිවෙසේ ම හැදූ පොල් කේක් කෑල්ලක රස බලන්න පුළුවන් නම් කොයිතරම් හොඳද.. මේ වට්ටෝරුවට අනුව ඔබටත් රසවත් පොල් කේක් එකක් සාදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

ගා ගත් පොල් ග්‍රෑම් 400ක්

සීනි ග්‍රෑම් 500ක්

බැදගත් රුලං ග්‍රෑම් 100ක්

වතුර කෝප්ප 2 1/2ක්

පාන් පිටි ග්‍රෑම් 175ක්

වියළි මිදි ග්‍රෑම් 50ක්

රටඉඳි ග්‍රෑම් 300ක්

(සාමාන්‍ය කැබැලිවලට

කපා ගන්න)

මාදුරු තේ හැඳි 1/2ක් සහ

එනසාල්

ස්වල්පයක් බැද කුඩු කරගන්න

කජු ග්‍රෑම් 150ක් (සාමාන්‍ය

කැබැලිවලට

කපා ගන්න)

වැනිලා තේ හැඳි 1 1/2ක්

ලුණු තේ හැඳි 1/4ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

සැරසීම සඳහා කජු මද කිහිපයක්

 

සාදන ක්‍රමය:

පළමුව සීනි ග්‍රෑම් 500න් ස්වල්පයක් ගෙන බඳුනක් ළිප තබා සීනි කැරමල් කරගන්න. පසුව එයට වතුර කෝප්ප දෙකහමාර දමා ඉතිරි සීනි ටික එයට දමා ගන්න. සීනි හොඳින් දිය වූ පසු පොල් එයට දමා ගන්න. (පැණිපොල් ආකාරයට) මෙය සාමාන්‍ය උකු ස්වභාවකට පැමිණි පසුව ළිපෙන් බාගන්න.

පාන් පිටි සහ බේකිං පවුඩර් පෙනේරයකින් හලා එයට පැණිපොල් මිශ්‍රණය දමා කලවම්කර ඉහත කී සියලු ද්‍රව්‍ය එයට දමා හොඳින් කලවම් කරගන්න.

කේක් තැටියකට බේකිං පේපර් එකක් දමා එහි බටර් ස්වල්පයක් තවරා සාදා ගත් මිශ්‍රණය එයට දමන්න. කජු මද ටිකක් මිශ්‍රණයේ උඩින් තබා ලස්සන කරගන්න. බේක් කිරීමට පෙර අවන් එක රත්කරගෙන සෙල්සියස් අංශක 175ක උෂ්ණත්වයට සැකසූ අවන් එකේ විනාඩි 45ක පමණ වේලාවක් තබා බේක්කර ගන්න. සීනී වෙනුවට පොල් පැණි ද යොදා ගත හැකියි.

No comments

Ads Place