Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමෙරිකානුවන් මාර්ෂල් දූපතටත් කොවිඩ් ගෙනයයි

පැසිෆික් සාගරයේ පිහිටි මාර්ෂල් දූපතෙන් ද කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හමුවී තිබේ. හවායි සහ පිලිපීනය අතර පිහිටි මෙම දූපත් සමූහයෙන් මේ දක්...


පැසිෆික් සාගරයේ පිහිටි මාර්ෂල් දූපතෙන් ද කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හමුවී තිබේ. හවායි සහ පිලිපීනය අතර පිහිටි මෙම දූපත් සමූහයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් හමු වූයේ නැත.

එහි බලධාරීන් පැවසුවේ හවායි සිට පැමිණි අමෙරිකානුවන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවය. ඔවුන් දෙදෙනා එම දූපත් සමූහයේ පිහිටි අමෙරිකානු කඳවුරක සේවය සඳහා පැමිණ තිබේ.

ඔවුන් හමුදා ගුවන් යානයකින් පැමිණ ඇති අතර නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වාර්තා වේ.

වෛරස ආසාදිතයින් පැමිණීම වැළක්වීම සඳහා මාර්ෂල් දූපත් බලධාරීන් කිසිවෙකුටත් පසුගිය මාර්තු මාසයේ සිට සිය රටට ඒමට ඉඩ නොදුනි.

 

No comments

Ads Place