Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා කොළඹ කසාදත් නවත්වයි!

Covid-19 වසංගත තත්ත්වය උද්ගත වීමෙන් පසු කොළඹ නගරය තුළ සංවිධානය කර තිබූ මංගල උත්සව සහ ප්‍රියසම්භාෂණ 100ක් පමණ අවලංගු කර ඇති බව කොළඹ නගර සභාවේ...


Covid-19 වසංගත තත්ත්වය උද්ගත වීමෙන් පසු කොළඹ නගරය තුළ සංවිධානය කර තිබූ මංගල උත්සව සහ ප්‍රියසම්භාෂණ 100ක් පමණ අවලංගු කර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටී.මෙලෙස අවලංගු කර ඇති සියලු ප්‍රියසම්භාෂණ සහ මංගල උත්සව කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටල්වල පැවැත්වීමට නියමිතව තිබූ ඒවා බවද ඒ මහතා පැවසීය.

අත්‍යවශ්‍යම මංගල උත්සවයක් සංවිධානය කරන්නේ නම් ඒ සඳහා 50ක පමණ පිරිසක් සහභාගී කිරීමට අවසරය ලබාදී ඇති අතර ඒවා සියල්ලක්ම නිරෝධායන නීති රීති වලට අනුකූලව සිදුකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

srilankamirror

කොළඹ නගර සීමාවෙන් සොයාගත් කොවිඩ් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා මේ වනවිට රෝහල් වෙත යොමුකර ඇති බවද වෛද්‍ය විජයමුණි වැඩිදුරටත් සඳහන් කළේය.


No comments

Ads Place