Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ ණය වළිගයේ කෙළවර නොපෙනේ - ස්ටැන්ලි මෝගන් බැංකුව

ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය ගෙවීම ඉතාමත් අසීරු කාර්යක් විය හැකි බව මෝගන් ස්ටැන්ලි බැංකුව පවසයි.කෙටි කාලීන ණය ප්‍රමාණය සහ එහි විහිදීමට 20...


ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය ගෙවීම ඉතාමත් අසීරු කාර්යක් විය හැකි බව මෝගන් ස්ටැන්ලි බැංකුව පවසයි.කෙටි කාලීන ණය ප්‍රමාණය සහ එහි විහිදීමට 2030 දක්වා පවතින 2022 / 2024 - යන වර්ෂවලදී කල් පිරීයන බැඳුම්කර බිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි ද එහි දැක්වේ.

ණය ප්‍රමාණය මේ වර්ෂයේ සිට වලිගයක් ලෙස පිටුපසට විහිදී ඇති අතර එහි කෙළවරක් නොදකින ආකාරයක් ඇති බව මොගන් ස්ටැන්ලි ;බැංකුව සඳහන් කරයි.

අර්ථ සාධක අරමුදලේ සහ වාණිජ බැංකු ණය පිළිබඳ අනතුරු දායක තත්වයක් නොමැති අතර විදේශීය ණය තව වසර පහක් සඳහා නැවත ලේඛණගත කිරීම (Re-Scheduling) තුලින් ආර්ථික ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යාමට හැකි බවද ඔවුන්ගේ වාර්තාව පෙන්වා දී ඇත.

තවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරනවාද යන්න රජය වහා තීරණය කළ යුතු බවත් පෙන්වා දී තිබේ

srilankamirror

            

No comments

Ads Place