Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම තමයි ලංකාවේ ජස්ටින් බීබර් – පැතුම් දනෝජ්

තරුකා කඩා හැලේ මේ රාත‍්‍රියේ පුරා ඔබ හිඳී මා හද පුරා අද නෑ මා ළගට වී.. මේ පැතුම් දනෝජ් ගේ කුළුඳුල් ගීතය වන පි‍්‍රයාවියේ ගීතයේ මුල් පදවැ...


තරුකා කඩා හැලේ මේ රාත‍්‍රියේ පුරා

ඔබ හිඳී මා හද පුරා
අද නෑ මා ළගට වී..

මේ පැතුම් දනෝජ් ගේ කුළුඳුල් ගීතය වන පි‍්‍රයාවියේ ගීතයේ මුල් පදවැල් කිහිපය. පැතුම්ගේ මේ ගීය ඉන්දියාව, පිලිපීනය ඇතුළු රටවල් හතකින් ඉහළ ප‍්‍රතිචාර ලැබී ඇත. යූ ටියුබ් හි මෙම ගීතය ප‍්‍රචාරය වීමත් සමග එම රටවල රසික රසිකාවියන් එම ගීතයට නව රූප රචනා එකතු කර යූ ටියුබ් චැනලයන් හි ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රවනතාවක් හටගෙන ඇතැයි වාර්තා වේ. දෙරණ බැට්ල් ඔෆ් ද බෑන්ඞ් වැඩසටහනේ ජයග‍්‍රාහකයා වන පැතුම් දනෝජ් මේ පිළිබඳව අදහස් දැක්වූ අයුරුය මේ.

මේ මගේ පළමු ගීතය. ගීතය යූ ටියුබ් එකේ ප‍්‍රචාරය වීමත් සමග පිලිපීනය ඉන්දියාව ඇතුළු රටවල් හතක වයිරල් ගියා. මේ ගීතය බලපු එම රටවල බොහෝ දෙනෙක් මගේ ප්‍රොපොමන්ස් කැනඩාවේ ජෙස්ටින් බීබර්ට සමාන කරල තමයි දාල තිබුණේ. එයාල කියල තිබුණේ ලංකාවේ ජෙස්ටින් බීබර් පැතුම් දනෝජ් කියල. මගේ පළමු ගීතයටම එවැනි ප‍්‍රතිචාරයක් ලැබෙනවා කියන්නෙ මම දැනෙන යමක් කරල තියෙනවා කියන එකනෙ. මේ ගීතය ලිව්වෙ හරීන් නානායක්කාර. සංගීතය තුමිදු රත්මල්. ගීතයේ විෂුවල් එක කරේ කසුන් කාවින්ද. ජොමෙන් ක්ලෙන් සහ සුපේක්ෂා රංගනයෙන් මේ ගීතය සමග සම්බන්ධ වුණා.

දිවයින පුවත්පත.

 

No comments

Ads Place