Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙක්සිකෝවෙන් සමූහ මිනී වළක්

මෙක්සිකෝවේ ගුවනහුවාතෝ ප්‍රාන්තයෙන් සමූහ මිනී වලක් හමුවී තිබේ. එහි මෘත දේහ 59 ක් තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෑත වර්ෂවලදී මෙක්ස...


මෙක්සිකෝවේ ගුවනහුවාතෝ ප්‍රාන්තයෙන් සමූහ මිනී වලක් හමුවී තිබේ.

එහි මෘත දේහ 59 ක් තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෑත වර්ෂවලදී මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් ඉහළ ගොස් තිබුණි.
        
එවැනි සිදුවීම්වලින් මියගිය බවට විශ්වාස කෙරෙන පුද්ගලයන්ගේ මළ සිරුරු සහිත සමූහ මිනී වළක් මෙලෙස හමුවී තිබේ.

කාන්තාවන් දස දෙනෙකුගේ මෘත දේහ ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යොවුන් වියේ මෙන්ම තරුණ අවධියේ පසුවන්නන්ගේ මෘත දේහ රැසක්ද ඒ අතර වන බවට සඳහන් වේ.

මේ වර්ෂය ආරම්භයේ සිට අගෝස්තු මාසය තෙක් කාලසීමාවේදී ද ගුවනහුවාතෝ ප්‍රාන්තයේ මනුෂ්‍ය ඝාතන දෙදහසකට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය පෙර වර්ෂයේ එම කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියයට විසි පහක වැඩිවීමකි.

මේ අතර මෙක්සිකෝ පොලිසිය පවසන්නේ තවත් මෙවැනිම සමූහ මිනී වළවල් පවතින බවට ඇති සැකය හේතුවෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවය.

 

No comments

Ads Place