Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත්‍රික්ක 24කින් කොරෝනා ආසාදිතයින් : කිලිනොච්චිය පමණක් නිරුපද්‍රිතයි

අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක්...


අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් මෙලෙස වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලමෙන් ආසාදිතයින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී ඇත.

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් හමුවූ දිස්ත්‍රික්ක වශයෙන් දැක්වෙන සිතියමයි මේ,


 

No comments

Ads Place