Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වීරකැටියේ ගැටුමකින් 17 හැවිරිදි සිසුවා මරුට

වීරකැටිය වෑකඳවල ඩී-8 ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ජීවිත්කෂයට පත්ව තවත් 5 දෙනකු තුවාල ලබ...


වීරකැටිය වෑකඳවල ඩී-8 ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ජීවිත්කෂයට පත්ව තවත් 5 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී.පසිඳු නම් වීරකැටිය මණ්ණාඩුව මහ විද්‍යාලයේ උසස්පෙළ හදාරන ශිෂ්‍යයකු බව පොලිසිය කියයි.

වීරකැටිය වෑකඳවල ඩී8 ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදුව ඇතැයිද තියුණු ආයුධවලින් සහ මුගුරුවලින් සිදුවූ පහරදීම් හේතුවෙන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ ඔහුගේ පියා බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

 මෙම ශිෂ්‍යයා රෝහලට ගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පියා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු යුධ හමුදා සෙබලෙකු බව පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් හතරදෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

lankadeepanews

No comments

Ads Place