Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරි නීතියට පෙර පැන්න අය හොයන්න සමාජ මාධ්‍යයත් යොදා ගනියි : දින 14ක නිරෝධායනයත් අනිවාර්යයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පිරිස් අන්තර්ජාලය ඔස්සේ සොයා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. බස්නාහිර පළාතට...


පිරිස් අන්තර්ජාලය ඔස්සේ සොයා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඉන් පිටව ගිය පිරිස් වෙත ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ දැනුම් දීමක් සිදුකරනු ලැබුවා.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පසුගිය 29 සහ 30 යන දිනවලදී ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 112ක් සහ කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශ 05කින් පිටව වෙනත් ප්‍රදේශ කරා ගොස් සිටින පුද්ගලයින්ට තමන් සිටින ස්ථානයේම නිරෝධායනයට ලක්වන ලෙසයි.

එලෙස පිටව ගොස් සිටින පිරිස් මේ වන විට හෝටලයක, සංචාරක නිවාඩු නිකේතනයක, නිවසක සිටිනවානම් ඔවුන් එතැන සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එමෙන්ම එලෙස නිරෝධායනය නොවී යළි බස්නාහිර පලාතට ඇතුල්වීමට එන පිරිස් විශේෂ ක්‍රමවේදයකට අනුව හඳුනා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

nethnews.lk

No comments

Ads Place